Ayurwedic spa and life in sinhala
ආයුර්වේදයේ මූලික සිද්ධාන්ත ව්ව්ද සම්බාහන ක්‍රම සහ ස්වාභාවික ලස්සන වීමට ව්ව්ද පැක් වර්ග පිළිබඳ විස්තර ඇතුලත් ලිපි අපගේ මෙම වෙබ් අඩවියෙන් ඔබට නැරඹීමට හැකිය.
Friday, June 5, 2020
Lesson 2
** *ස්වස්ථ හැදින්වීම**** *සම දෝෂ/සම අග්නි/සම ධාතු/සම මල ක්‍රියා/ ප්‍රසන්න වූ මනස /ප්‍රසන්න වූ ආත්මය /ප්‍රසන්න වූ ඉන්ද්රිය යන මේවායින් සමන්විත පුද්ගලයකු ස්වස්ථ පුද්ගලයකු ලෙස හදුන්වයි. ***මිනිස් ශරීරය නිර්මාණය වී ඇත්තේ දෝෂ ,ධාතු ,මල තුනෙහි සංයෝගයකිනි.
Thursday, June 4, 2020
ඉස්සොරි සදහා ප්‍රතිකාර
*දෙහි ගැට,උළුහාල් තම්බා එම කල්කය ආලේපය. *ගොඩපර ,නෙල්ලි,දෙහි,උළුහාල් එකට තම්බා හිදෙන්නට හැර එම කල්කය ආලේපය *වෙරළු කොල කොටා ආලේපය . *බිත්තර කහමදය දෙහි යුෂ සමග මිශ්‍ර කර නෑමට පෙර ආලේපය .
Lesson 1
ආයුර්වේදය මගින් ජීවිතයේ දීර්ඝායුෂ මෙන්ම ගුනාත්මකභාවය ඉහළ නංවයි. ආයුර්වේද දර්ශනය තුළ මිනිසා සෑදී ඇත්තේ මිනිසා= ශරීරය +මනස+ ආත්මය ......ආයුර්වේදයේ මූලික සිද්ධාන්ත .... 1 පංච මහා භුත 2 ත්‍රිදෝෂ 3 ස්වප්ත ධාතු 4 ත්‍රිමල ...........අෂ්ටාංග ආයුර්වේදය ......... 1.ශල්‍ය තන්ත්රය- (ශල්‍ය උපකරණ,ශල්‍ය කර්ම ක්‍රම අඩංගු කොටස) 2.ශාලාක්‍ය ත්රන්තය-(උගුර,කණ,නාසය අඩංගු කොටස) 3.කාය චිකිත්සා තන්ත්රය- (කායික රෝග සදහා අඩංගු කොටස) 4.භූත විද්‍යා තන්ත්රය-(යන්ත්‍ර,මන්ත්‍ර,ගුරුකම් සම්බන්දව අඩංගු කොටස ) 5.කෞමාර බෘත්ය තන්ත්රය -(ලමා රෝග සම්බන්දව අඩංගු කොටස) 6.අගද තන්ත්රය- (සර්ප විෂ,ශාක විෂ අඩංගු කොටස ) 7.රසායන විද්‍යා තන්ත්රය- (තරුණ බව,බලය,ශක්තිය වැඩිකර ගැනීම සදහා අඩංගු කොටස ) 8.වාජීකරන තන්ත්රය- (නිරෝගී දරු පරපුරක් ලබා ගැනීම සදහා අඩංගු කොටස
Subscribe to:
Posts (Atom)